Saturday, July 27, 2024

කැලණි මිටියාවත් දුම්රිය මඟ වැසේ!

කැලණිවැලි මාර්ගයේ දුම්රිය පිලී පැනීමක් හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ අද දින ධාවනය වීමට නියමිත සි‍යලුම දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 04.00 ට කොස්ගම බලා ධාවනය වූ දුම්රිය අද දින බේස්ලයින් පාර හා කෝට්ටේ පාර දුම්රිය ස්ථාන අතර පිහිටි සර්පන්ටයින් දුම්රිය හරස් මාර්ගයේදී පිලී පැනීමකට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ නමුත් අලුත්වැඩියා කටයුතු වහා ආරම්භකර ඇති අතර හෙට දිනයේ දුම්රිය සමාන්‍යපරිදි ධාවනය කළ හැකි වෙතැයි දුම්රිය පාලක මැදිරිය පවසනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles