Saturday, July 27, 2024

‘කුරුඳුවත්තේ කිරි තේ’ වලට ඔස්ට්‍රේලියානු සාහිත්‍ය සම්මානයක්!

ඕස්ට්‍රේලියාවේ විශාලතම සාහිත්‍ය ත්‍යාගය පිරිනමන කීර්තිමත් ‘‘මයිල්ස් ෆ්‍රෑන්ක්ලීන්’’ (Miles franklin) සාහිත්‍ය සම්මානය ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති නීතිඥවරියක වන ශංකරී චන්ද්‍රන් මහත්මියට හිමිව ඇත.

ඕස්ට්‍රේලියාවේ පැන්බරා නුවර පදිංචිව සිටින ඇය විසින් රචිත “Chai Time at Cinnamon Gardens” නවකතාව වෙනුවෙන් මෙම සම්මානය හිමි වූ අතර, එහි දී ලැබුණු මුදල් ත්‍යාගය ඩොලර් හැට දහසකි.

අසූව දශකයේ සිවිල් යුද්ධයෙන් බේරීමට රටින් පළා ගිය ශ්‍රී ලාංකිකයෙක් බටහිර සිඩ්නි ප්‍රදේශයක පවත්වාගෙන ගිය වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක පදිංචිකරුවන්ගේ ජීවිත පිළිබඳව විවරණය කෙරෙන ‘‘ඕස්ට්‍රේලියානු වීම’’ යන්න ගවේෂණය කරමින් මෙම නවකතාව රචනා කර ඇත.

යුද්ධය, ජාතිවාදය, පවුල, ආදරය මෙන්ම මිත්‍රත්ව යන තේමා ඔස්සේ ලියා ඇති මෙම නවකතාව ඕස්ට්‍රේලියාවේ පාඨකයන්ගේ කතාබහට ලක්වී ඇත.

ඇයගේ මවුපියන් වෛද්‍යවරුන් වන අතර, ඔවුන් සිවිල් යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පලා ගොස් එක්සත් රාජධානියට ගොස් අනතුරුව ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් ඇත.

මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් ඇතුළත් ‘ගාඩියන්’ ලිපිය පහතින්

https://www.theguardian.com/books/2023/jul/25/miles-franklin-award-2023-winners-shankari-chandran-chai-time-cinnamon-gardens

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles