Sunday, January 5, 2025

ගල්අඟුරු වෙනුවට සාම්පූර්වලට ද්‍රව වායු බලාගාරයක්

සාම්පූර් ප්‍රදේශයේ ගල් අඟුරු බලාගාරයක් වෙනුවට ද්‍රව වායු බලාගාරයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ ජපානය සමග සාකච්ඡාකරන ලෙස ආර්ථික සංවර්ධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය වෙත දන්වා තිබේ.

විදුලිබල මණ්ඩලයේ දීර්ඝ කාලීන ජනන සැලැස්ම තුළ ත්‍රිකුණාමලය සාම්පූර් ප්‍රදේශයේ ගල් අඟුරු බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර තිබුණද, ඒසඳහා හටගත් ජනතා විරෝධය සමග එය ඉදිනොකිරීමට වත්මන් ආණ්ඩුව තීරණය කර තිබේ.

ඒවෙනුවට එම ස්ථානයේ ද්‍රව වායු බලාගාරයක් ඉදිකිරීමට තීරණය කළද එය ජනන සැලැස්මේ නොතිබුණු බැවින් මේවනවිට එය තරමක ගැටලුවක් බවට පත්වඇතැයි විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

ද්‍රව වායු බලාගාරයක් ඉදිකිරීමට වඩා අඩු මුදලකින් ගල් අඟුරු බලගාරයක් ඉදිකළ හැකි බව විදුලිබල අමාත්‍යාංශය පෙන්වා දී ඇති අතර, එසේ වුවද ද්‍රව වායු බලාගාරය මගින් රටට දීර්ඝකාලීන වාසියක් ලැබෙන බවද පරිසරවේදීහු පවසති.

– ada

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles