Friday, March 29, 2024

චීන ලොක්කන් සමග සංචාරකයෝත් මෙරටට…

සිනොපෙක් සමූහයේ සහ චයිනා මර්චන්ට් සමූහයේ ඉහළ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව සමඟ සහයෝගීත්වය වර්ධනය කර කරගනිමින් ඛනිජ තෙල් හා රසායනික ද්‍රව්‍ය, වෙළඳ, වරාය හා කර්මාන්ත මෙහෙයුම් අංශවල වැඩිදුර ආයෝජන සිදුකිරීමට මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව චීන තානාපති කාර්යාලය පෙන්වා දී තිබේ

වසර තුනකට පසුව විශාල සංචාරක කණ්ඩායමක් චීනයේ සිට පැමිණීම පසුගියදා වාර්තා වුණා. 181 දෙනෙකුගෙන් සමන්විත මෙම චීන සංචාරකයන් පිරිස දින 07 ක කාළයක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත යි.

ඔවුන් අද දින රාත්‍රී 06.51 ට චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් පිළිගැනීම සදහා විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොං (Qi Zhen Hong) , ශ්‍රී සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.

මෙතැන් සිට සෑම සතියක චීනයේ ෂැංහයි සහ කුංමිං ජාත්‍යන්තර ගුවන් තොටුපළ වල සිට ගුවන් ගමන් වාර 06 ක් චයිනා ඊස්ටන් ගුවන් සේවයේ ගුවන් යානා චීන සංචාරකයන් රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles