Wednesday, April 24, 2024

ජීවන්ත රත්නායක දරුවාට පෙනීම ලැබීමේ අනුවේදනීය කතාව….(වීඩියෝ)

වසර කිහිපයකට පෙර රූපවාහිනී වැඩසටහනකදී තමාට ‘ඇස්⁣ දෙකක් ‘ පමණක් අවශ්‍යයැයිි පැවසූ ඔහු⁣ට රටේ අනුකම්පාව හා ආදරය හිමිවිය.

නමුත් ඒ කිසිවකින් ප්‍රයෝජනයක් අත් නොවූ අතර දරුවාගේ දෙමාපියන් හා සහෝදරයන් පවා ඉතා දුක්ඛිත තත්ත්‍වයක දිවිගෙවනා බැවින් මේ කාර්යයට කැපවන්නට තරම් හැකියාවක් ඔවුනට නොතිබුණි..

අවසානයේ මීට මැදිහත් වන්නේ අගමැති පුත් රෝහිත රාජපක්ෂ මහතාය. ඔහු තිරයේ පසුපස හිඳිමින් සිය මවගේ උදව් ඇතිව මේ පුණ්‍ය සද්කාර්යයට දායක වන්නේය. ශිරන්ති රාජපක්ෂ මැතිනිය , නවලෝක රෝහ⁣ලේ ප්‍රකට අක්ෂි වෛද්‍යවරයෙක් වන චරිත් ෆොන්සේකා මහතා ලවා ජීවන්තට පෙනීම ලබාදෙන්නට ක්‍රියා කළාය.

මෙවැනි දරුවන් සිය ගණනක් රටේ ඇත. ඔවුන්ටත් පිහිටවන්නට ⁣අවැසි ශක්තිය ධෛර්යය ඔබ දෙපළට ලැබෙනු ඇතැයි CIA අපේක්ෂා කරයි. සියල්ල දේශපාලනයෙන් මනින ලෝකයක මෙවැනි සැඟවුණු සද්කාර්යන්ගේ රුව ගුණ තේජස ලොවට කියා පෑමට අපි සූදානම්..

මේ ක්‍රියාවලියට දායක වූ සැමට රෝහිත රාජපක්ෂ මහතා නන් අයුරින් ස්තුතිවන්ත වූ අතර දරුවාගේ අනාගත පහසුකම් ඔහු ඇතුළු සැම විසින් අවසානය තෙක්ම දරනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles