Friday, April 26, 2024

ටෙලිෆෝනය නාවයි….

පළාත් පාලන ඡන්ද විමසීම නියමිත පරිදි පවත්වන ලෙස ආණ්ඩුවට බල කරමින් සමගි ජන බලවේගය අද පස්වරුවේ කොළඹදී සංවිධාන කර තිබූ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

ඒ, මරදාන ටෙක්නිකල් මංසන්ධිය අසලදීයි. පැවති වැසි තත්ත්වය ද නොතකමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු පිරිසක් එම විරෝධතාවයට එක්ව සිටියා.

ඒ, සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයා ඇතුලු වගඋත්තරකරුවන් හත් දෙනෙකුට හා ඔවුන් සමඟ සහභාගි වන තැනැත්තන්ටයි. කොළඹ, කොටුව පොලිස් ස්තානාධිපතිවරයා විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි එම නියෝගය නිකුත් කෙරුණේ.

උද්ඝෝෂකයින් පිරිසක් අද දිනයේ කොටුව හා කොල්ලුපිටිය පොලිස් වසම්වලට එක්රැස්වී පාගමනින් කොළඹ කොටුව හා ගාලුමුවදොර දෙසට පැමිණීමට සැලසුම් කරන බවට ලද තොරතුරක් අනුව පොලීසිය අධිකරණයෙන් එම ඉල්ලීම කර තිබුණා. කෙසේවෙතත් සිය විරෝධතාව පැවති අවස්ථාවේදී් පොලීසිය නීති විරෝධී ලෙස කටයුතු කළ බවටයි සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර චෝදනා කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles