Saturday, July 27, 2024

දිගටම වහිනවා… අදත් හවසට වැස්ස…

දිවයිනේ බොහෝ පළාත්වල අද (07) පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්මේන්තුව සඳහන් කරන්නේ,  බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය.

උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

වේයන්ගොඩ වදුරව ප්‍රදේශයට ඊයේ (6) පස්වරුවේ හමා ගිය සැඩ සුලගක් හේතුවෙන් ගස් කඩා වැටී නිවාස 25 කට පමන හානි සිදුවී ඇති බවට වාර්තා වී ඇතැයි මීරිගම ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් ඉන්දික මහතා පැවසීය  .

වර්ෂාවත් සමඟ හමාගිය සැඩ සුළඟ හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී  ඇති අතර ප්‍රදේශයේ විදුලි සැපයුම ට ද දැඩි ලෙස හානි සිදුව තිබිණි .  නිවාස රැසක වහල සුළගේ යාමෙන් හා ගස් කඩා වැටීමෙන් එම හානි සිදුවී තිබිණි. එමෙන්ම වේයන්ගොඩ නගරයෙන් කොටසක් මුළුමනින්ම ජලයෙන් යටවිය.

Related Articles

Latest Articles