Monday, May 20, 2024

විහාර මහා දේවි, රෝසි ලඟට යයි….

විහාරමහා දේවි උද්‍යානය නැවත කොළඹ මහ නගර සභාවට පවරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දි තිබෙනවා.

නාගරික සංවර්ධන අධිකාරී පනතේ 50 වැනි වගන්තිය ප්‍රකාරව ඕනෑම දේපළක් සංවර්ධන කටයුත්තක් සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමේ හැකියාව ඇති බවයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය පැවසුවේ.


ඒ අනුව, අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසා ඇත්තේ නවීකරන කටයුතු සඳහා එලෙස

Image médicale pour illustrer un article sur la santé
Médical
Texte additionnel sur le thème de la médecine
පවරාගෙන සංවර්ධනය කරන ලද දේපළ, අයත්ව පැවැති ආයතනවලටම නැවත පවරා දෙන ලෙසයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සමයේදී මෙම උද්‍යානය නවීකරණය කිරීමට කටයුතු කරනු ලැබුවා. 


ඒ අනුව කොළඹ මහ නගර සභාව යටතේ පැවති විහාරමහා දේවි උද්‍යානය 2011 වසරේදී නවීකරණ කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගනු ලැබුවා.

නාගරික සංවර්ධන අධිකාරිය ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක කළ කොළඹ අගනගර ආශ්‍රිත නගර සංවර්ධන ව්‍යපෘතිය යටතේ  නවීකරණය කළ විහාරමහා දේවි උද්‍යානය යළි විවෘත කරන ලද්දේ 2013 වසරේදී යි. 


ලොව පුරා ප්‍රධාන නගරවල ඉදි කෙරෙන නාගරික පොදු මහජන උද්‍යානවල මූලිකම කරුණක් වනුයේ තාප්ප, බැරියර්, ගේට්ටු, ආදිය යොදා ආවරණය නොකළ නිදහස් විවෘත වටපිටාවක පොදු මහජන උද්‍යාන බිහිවීමයි.

එය ආදර්ශයට ගෙන අලූත්වැඩියා කටයුතු සිදු කෙරෙනු විහාර මහාදේවි උද්‍යාන භූමි භාගය තුළ තිබූ යකඩ වැටවල් ඉවත්කර සීමා මායිම් නොමැති වටපිටාවක් සකසා තිබෙනවා.


ඒ අනුව කොළඹ සංවර්ධන වැඩපිළිවෙළ යටතේ විහාරමහා දේවී උද්‍යානය නවීකරණය කිරීමේදී උද්‍යානය වටා තිබුණු යකඩ වැට ඉවත් කර ඒ වෙනුවට මී, පළු, බුරුත වැනි ශාක අලුතින් එක්කොට නව සැලැස්මකට අනුව ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. එහි අලංකරණය වෙනුවෙන් විශේෂ වීදි අලංකරණ ලාම්පු යොදාගෙන තිබෙනවා.
(නෙත්)

Related Articles

Latest Articles