Tuesday, April 30, 2024

කපිලවස්තු සර්වඥ ධාතු දළයි ලාමා තුමන්ට….

වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති මහා විහාරයේ තැන්පත් කර ඇති බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේ දලයි ලාමා තුමන් වෙත අද දිනයේ පිරිනැමීමට නියමිත බව දලයි ලාමා තුමන්ගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශකර තිබේ.

එම නිවේදනයට අනුව මෙලෙස පූජා කෙරෙන්නේ කපිලවස්තු පුර සර්වඥ ධාතූන් වහන්සේය.

වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති මහා විහාරය බුදුරජාණන් වහන්සේගේ කපිලවස්තුපුර ධාතූන් වහන්සේ සම්බන්ධයෙන් ගැඹුරු දායාදයකට උරුමකම් කියයි.

දැනට වස්කඩුව ශ්‍රී සුභූති මහා විහාරයේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතු 21ක් තැන්පත් කර ඇත.

මෙතෙක් පරම්පරා ගණනාවක් පුරා වස්කඩුව ශ්‍රී සුභූති මහා විහාරයේ සංරක්ෂණය කර ආරක්‍ෂා වී ඇති මෙම අගනා කපිලවස්තුපුර ධාතූන් වහන්සේගේ භාරකරු වන්නේ පූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ නායක ස්වාමීන් වහන්සේය.

ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ්හි කඳුකර නගරයක් වන ධරම්ෂාලා හි පෙබරවාරි මාසයේදී පැවති ‘චොට්‍රුල් ඩුචෙන්’ නම් උත්සවයේදී දලයි ලාමා තුමන් ජාතක කතාවලින් කෙටි සාමාන්‍ය ඉගැන්වීමක් සිදුකළ අතර, ඊට ලෝකයේ විවිධ ප්‍රදේශවලින් පැමිණි භික්ෂූන්, භික්ෂුණීන් සහ විදේශිකයන් ඇතුළු ටිබෙට් අනුගාමිකයන් 3000කට අධික පිරිසක් සහභාගී වූහ.

Chotrul Duechen යනු පූජා කිරීමේ දිනය වන අතර එහිදී 1 වැනි ටිබෙට් මාසයේ 15 වැනි දිනය සමරනු ලැබේ.

ඔවුන්ට අනුව එම උත්සවය බුදුන් වහන්සේගේ ජීවිතයේ සිදුවීම් හතරක් සිහිපත් කරන බෞද්ධ උත්සව හතරෙන් එකකි.

මීට පෙර බුදුරජාණන් වහන්සේගේ සහ උන්වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකයන් දෙදෙනා වන සාරිපුත්ත මහරහතන් වහන්සේ සහ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ තායිලන්තයේ නගර හතරකදී මාර්තු මාසයේ දින 25ක් පුරා ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් පිරිනමා තිබිණි.

මෙම ප්‍රදර්ශනයට අතිවිශිෂ්ට ප්‍රතිචාරයක් ලැබී තිබු අතරව එම කාලය තුළ තායිලන්තයේ සහ මීකොං කලාපයේ අනෙකුත් රටවලින් මිලියන 4 කට අධික බැතිමතුන් පිරිසක් සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදාගෙන තිබිණි.

උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේත්, දේමේන්ද්‍ර පෝරගේ මහතා ප්‍රමුඛ ගිහි නියෝජිත පිරිසක්ද සහභාගී වී ඇත.

Related Articles

Latest Articles