Friday, March 29, 2024

දුම්රිය වාර 130ක් දින හතරක් තුළ අවලංගුයි!

දුම්රිය රියදුරු සහයකයන්ගේ හිඟය හේතුවෙන් පසුගිය දින 4 තුළ පමණක් මීට පෙර අවලංගු කළ දුම්රිය ගමන් වාර 30 ට අමතරව දුම්රිය ගමන් වාර 130 ක් අවලංගු කළ බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.

ඒ අනුව මස 28 වන දින මගී දුම්රිය 27 ක් සහ ඉන්ධන සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 9 ද ඇතුලුව ගමන්වාර 36 ක් ද, 29 වැනිදා මගී දුම්රිය 29 ක් සහ ඉන්ධන සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 15 ද ඇතුලුවගමන් වාර 44 ක් ද, මගී දුම්රිය 36 ක් සහ ඉන්ධන සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 12 ක් ඇතුලුව ගමන් වාර 43 ක් අවලංගු කර ඇති බව ද වෘත්තිය සමිති පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙම මස ආරම්භයේදී විවිධ හේතූන් මත සහ සේවක හිඟය පදනම් කර ගනිමින් දුම්රිය ගමන් වාර 30 ක් අවලංගු කිරීමට තීරණය කළ බවත් මේ හේතුවෙන් කාර්යාලය වෙත පැමිණෙන  මගී ජනතාව මෙන්ම දුම්රිය හරහා ගමන් පහසුව සලසවා ගන්න මගී ජනතාව දැඩි අපහාසුතාවයට පත්වන බවත් වෘත්තිය සමිති කියයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles