Tuesday, April 16, 2024

දෙවරක් උපත ලද ඩයනා මැතිනිය අත්අඩංගුවට ගනීද?

ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ගුවන් ගමන් බලපත්‍ර දෙකක් ලබාගත්තැයි කියන රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේ මහත්මිය උප්පැන්න සහතික දෙකක් ළග තබා ගැනීමේ වරදට ප්‍රමණවත් සාක්ෂි ඇති බවත්, ඇය සිදුකර ඇති වරදට අනුව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බවත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (09) දැනුම් දුන්නේය.

ඒ අනුව, මෙම විමර්ශනයට අදාළව ඉදිරි පියවර ගැනීම සඳහා මසක කාලයක් ලබා දෙන බවට මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (09) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥවරයා සදහන් කර සිටියේ තම සේවාදායිකාවට එරෙහිව දේශපාලන වශයෙන් පලිගැනීමේ අරමුණීන් මෙම නඩුව පවරා ඇති බවත්,  ඇය 20-15 වර්ෂයට පෙර තිබූ පුරවැසිකම ඉවත් කර නව පුරවැසිභාවයක් ලබා ගෙන ඇති අයකු බවත්ය.

පැමිණීල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සදහන් කර සිටියේ, අහිංසක ජනතාවගේ බදු මුදලින් යැපෙමින් මේ අයවලුන් පාර්ලිමේන්තුවේ වැජඹෙන බවත්, මොවුන් සිදුකරන මෙම ක්‍රියාවෙන් ලැජ්ජාවට පත්වෙන්නේ ඒ ජනතාව බවත්ය. සැකකාරිය සිදුකර ඇත්තේ වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකි සංඥය වරදක් බවත්, ඒ හේතුවෙන් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව ඇති බවත් ජනාධිපති නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියේ, එක් පුද්ගලයකුට විදෙස් ගමන් බලපත්‍ර දෙකක් තිබීම වරදක් නොවේද?, ආගමික විගාමික පනතේ වරදක් අනාවරණයේ නොවන්නේද? එසේ වුවහොත් ඊට පසු සිදුකරන්නේ කුමක්ද? යන්නය. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිරුත්තරව බලා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රි ඩයනා ගමගේ මහත්මිය බි්‍රතාන්‍ය පුරවැසියකුව සිටිමින් ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් රාජකාරි ගමන් බලපත්‍රයක් හා සාමාන්‍ය ගමන් බලපත්‍රයක් ලබාගෙන මෙරට නිති විරෝධී ලෙස රැඳී සිටිම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දොපර්තමේන්තුව වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ නො. 22, වට මාවත, පිළියන්දල ලිපිනයෙහි හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත් යන විසින් ඉකුත් 2020 වර්ෂයේ නොවැම්බර් මස 02 වැනිදාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles