Saturday, July 27, 2024

නියඟය සමඟ විදුලි කප්පාදුව ඇරඹෙන ලකුණු….

පවතින වැසි රහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක කුඩා වැව් මේ වන විටත් සිදීගොස් ඇති බවයි. ඒ් අතර විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහළ ගොස් තිබෙනවා.

උඩවලව ජලාශයේ ජල මට්ටම සියයට 2 ක් දක්වා අඩුවී තිබෙනවා.

ඒ හේතුවෙන් එම ජලාශයෙන් පෝෂණය වන යල කන්නයේ අස්වැද්දූ කුඹුරු අක්කර 65,000 ක් මේ වන විට පවතින්නේ අවදානමකයි.

ගොවීන් තවදුරටත් සත්‍යග්‍රාහයේ නිරත වන්නේ සමනළ වැවෙන් හෝ තම කුඹුරුවලට ජලය නිකුත් කරන්නැයි ඉල්ලමින්.

කෙසේවෙතත් එම උත්සාහය අසාර්ථක වී ඇත්තේ එලෙස ජලය ලබාදුන්හොත් දකුණු පළාතේ විදුලි උත්පාදනයට අවශ්‍ය ජල ධාරිතාව සම්බන්ධයෙන් ගැටළුවක් පැනනැගීම හේතුවෙන්.

එසේ ජලය ලබාදුනහොත් දකුණු පළාතට පැය 03 ක් විදුලිය කපා දැමීමට සිදුවනු ඇති බවටයි වාර්තා වන්නේ. 

ඉදිරි මාසය තුළ වැසි නොලැබුණහොත් නිසැකවම ජල-විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව විද්‍යාඥයින් අනතුරු අඟවනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles