Saturday, July 27, 2024

පණුකරඳ වහන්සේ ‘රහත්’ වෙයි…!

කොළඹ නුවර අධිවේගී මාර්ගය ඉදි කිරීම සඳහා කපා ඉවත් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී විවිධ පාර්ශවවල විරෝධතා මධ්‍යයේ කපා ඉවත් කිරීම නතර කෙරුණු කෲඩියා සෙලනිකා හෙවත් පඬු කරඳ ගස කිසියම් පිරිසක් විසින් එම ස්ථානයෙන් ගලවා ඉවත් කර ඇති බව වාර්තා වනවා.

ගම්පහ දාරලුව ප්‍රදේශයේ පිහිටි එම වෘක්ෂය වසර 100කට වඩා පැරණි බවටයි පැවසෙන්නේ.

කොළඹ නුවර අධිවේගී මාර්ගය ඉදි කිරීම සඳහා කර තිබූ සැලසුම අනුව එම මාර්ගය අදාළ ගස පිහිටි ස්ථානයෙන් ඉදි කළ යුතුව තිබුණා.

ඒ අනුව, එම ගස ඉවත් කිරීමට යාමේදී පරිසරවේදීන් ඇතුළු පාර්ශව රැසකින් ඊට දැඩි විරෝධයක් එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් එම කාල සීමාවේදි සමාජයේ දැඩි කතාබහක්ද මතු වුණා. 

එලෙස විරෝධතා එල්ල විම හමුවේ අධිවේගී මාර්ගයේ ගමන්මග වෙනස් කරන බවයි බලධාරීන් අදාල අවස්ථාවේදී ප්‍රකාශ කළේ. එම ගසේ ආරක්ෂාව වෙනුවෙන් සිවුරක් පොරවා සඟ සතු කොට සංරක්ෂණය කිරීමටද භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් අදාළ අවස්ථාවේදී පියවර ගනු ලැබුවා

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles