Thursday, April 25, 2024

මැණිකෙ මම ආයෙ ගෙදර එනවා…!

තමන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසු‍වේ නිදහස් පක්ෂ මූලස්ථානයේ දීඅද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වී ජයගත හැකි බව තමන් විශ්වාස කරන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය

තමන්ට එරෙහිව කුමන කුමන්ත්‍රණ කළත් බියනොවන බවත්, තමා කිසිදේකින් පස්සට යන මිනිසෙක් නොවන බවත් ඔහු පැවසීය.

එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමස්ත කතෝලික ජනතාවගෙන් සමාව අයැද සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

තම  පාලන කාලයේ රටේ එවැනි සිද්ධියක් වීම පිළිබඳව මෙන්ම මෙම ප්‍රහාරයෙන් මියගිය සහ ආබාධිත තත්වයට පත්ව එකතැන්ව සිටින ජනතාව වෙනුවෙනුත් තමා සමාව ඉල්ලා සිටින බව කී හිටපු ජනාධිපතිවරයා තමන්ට නියම වූ දඩ මුදල කෙසේ හෝ ගෙවීමට කටයුතු කරමින් සිටින බවද සඳහන් කළේය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles