Tuesday, April 16, 2024

මැතිවුස් සහ කුසල් ජනිත් නැවත සීමිත පන්දුවාර තරඟ වලට…

නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින් තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.

ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා ඇත්තේ වසර 02 කට පසුව වීම විශේෂත්වයක්. මැතිව්ස් අවසන් වරට එක්දින තරගයක් සඳහා ක්‍රීඩා කළේ 2021 වසරේ මාර්තු මස 10 වෙනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගයි.

එමෙන්ම කුසල් ජනිත් අවසන් වරට එක්දින තරගයක් සඳහා ක්‍රීඩා කරනු ලැබුවේ 2021 වසරේ ජුලි මස 04 වෙනිදා එංගලන්තය සමගයි.

එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබෙනවා.

එලෙස නම් කර ඇති සංචිතයට සධිර සමරවික්‍රම, දුනිත් වෙල්ලාලගේ සහ සහන් ආරච්චිගේ කැඳවා තිබෙනවා.

නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින සහ විස්සයි 20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නම් කරනු ලැබූ සංචිතයින් පහත දැක්වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles