Saturday, April 20, 2024

මැ කො වැනේ! තීරණයට බාලගිරි…

පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් මාර්තු 09 වනදාට පෙර දැනුම්දෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. පලාත් පාලන මැතිවරණය පවත්වන දිනය පිළිබඳ තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිසම අද රැස්වුණා.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමටයි මීට පෙර තීරණය කර තිබුණේ. එහෙත් අද පස්වරුවේ ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට ලබාදුන් නියෝගය හේතුවෙන් මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීම කනල් දැමීමටයි මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව මුදල් අමාත්‍යංශය ඇතුලු අදාළ ආයතන සමඟ සාකච්ඡා කර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා සුදුසු දිනයක් තීරණය කරන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles