Wednesday, April 17, 2024

මේ වසර තුළදී තවත් මැලේසියානු රැකියා දස දහසක් – කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර

මැලේසියානු රජය මෙරටට අනුමත කළ රැකියා දසදහසක කෝටාවට අමතර ව මෙරට ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා අතිරේක රැකියා දසදහසක කෝටාවක් වෙන් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (14) ප්‍රකාශ කළේ ය.

ඒ විදේශ රැකියා නියෝජිත ආයතන වෙනුවෙන් සම්මාන ප්‍රදානය කිරීමේ උළෙලට සහභාගී වෙමිනි. එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ ය.

අපි දැන් අලුත් ගමනාත්ත සොයාගෙන යනවා. ඒ යද්දී මැලේසියාව සුවිශේෂී ගමනාන්තයක් බවට පත් වුණා. කලින් සිටි මැලේසියානු රජය අපට රැකියා දහදහසක කෝටාවක් අනුමත කළා. මේ රැකියා දසදහසේ කෝටාවට අමතර ව වත්මන් මැලේසියානු රජයේ කැබිනට් මණ්ඩලය වෙතින් දසදහසින් පටන් අරන් ලක්ෂය දක්වා යන්න පුළුවන් තවත් තවත් රැකියා කෝටාවක් අනුමත කර ගන්න අපට හැකියාව ලැබුණා. ඒ මෙරට ආරක්ෂක අංශයේ සාමාජිකයන් සඳහා. මෙය රාජ්‍යයන් රාජ්‍යයන් අතර සිදුවන ගණුදෙනුවක් විදියට වෙන්නේ.

ඒ වගේ ම ඉදිරියේ දී මාසික ව ඩොලර් බිලියනයක විදේශ ප්‍රේෂණ ඉලක්කයක් කරා ගමන් කිරීමට සැලසුම් කරලා තියෙනවා. ඒ නිසා ඉතිහාසයේ වැඩිම පිරිසක් විදේශ රැකියා වෙත යොමු කිරීමේ ඉලක්කය සහ වගකීම සම්පූර්ණයෙන් ම රැකියා නියෝජිත ආයතන වෙත පවරලා රජය විදියට අපි විගමණික ශ්‍රමිකයන්ගේ සුබසාධන කාර්යයට මුළුමනින් ම අවධානය යොමු කරනවා. ඒ අනුව විගමනික ශ්‍රමික දූ දරුවන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන, නේවාසිකාගාර ඇතුළු ව්‍යාපෘති හා පහසුකම් රැසක් ලබා දෙන්න අපි කටයුතු කරනවා.

මේ රටේ විවිධ ක්ෂේත්‍රවලට රාජ්‍ය අනුග්‍රහයෙන් විවිධ පහසුකම් ලැබෙනවා. ගොවියාට පොහොර ටිකට පවා සහන ලැබෙනවා වගේ මේ රටට වැඩි ම විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන එන මේ ක්ෂේත්‍රය වෙනුවෙනුත් ඉදිරියේ දී උපරිම පහසුකම් සලසනවා. ඒ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශ පනත සකස් කරලා අවසන්. එහි දී ක්ෂේත්‍ර යේ අභිමානයෙන් වැඩ කරන්න අවශ්‍ය පසුබිම ශක්තිමත් ව සකස් කරලා තියෙනවා වගේ ම වැරදි කරන පිරිස විදේශ රැකියා ක්ෂේත්‍ර යෙන් සදහට ම ඉවත් කරලා දාන්නත් ප්‍රතිපාදන සකස් කරලා තියෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles