Friday, April 26, 2024

යෝෂිත ඔස්ට්‍රේලියා යන්න අවසර ඉල්ලයි

යෝෂිත රාජපක්‍ෂ මහතාගේ කකුලේ ඇති වී තිබෙන ආබාධයකට ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නුවර රෝහලකදී ශල්‍ය කර්මයක් කොට ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගත වීමට අවසර ලබා දෙන්නැයි  ඉල්ලමින් ඉදිරිපත් කළ ඇයැදුම ලබන 28 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා අද (22දා) නියම කළේය.

යෝෂිත රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත් කොට ඇති මෙම ඇයැදුමේදී යෝෂිත රාජපක්‍ෂ මහතාගේ කකුලේ ආබාධයක් ඇති වී තිබෙන බව හෝ ඒ සඳහා ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නුවර රෝහලකදී   ශල්‍ය කර්මයක් කලයුතු බව හෝ තමන්ට දැනුම් දී නොමැති හෙයින් ඒ පිළිබඳ උපදෙස් ලබාගැනීමට තමන්ට කල් ලබාදෙන්නැයි පැමිනිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ චමල්කා සමරසිංහ මහත්මිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.

සී.එස්.එන්. ආයතනයේ මුදල් ගණුදෙනු සම්බන්ධයෙන් මුදල් විශූද්ධීකරණ පනත යටතේ වැරදි කළැයි කියන සිද්ධියකට අදාළව යෝෂිත රාජපක්‍ෂ මහතාට ඇප නියම කිරීමේදී අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගත වීම තහනම් කරමින් ඇප කොන්දේසි පණවා ඇති හෙයින් තම සේවාදායකයාට විදේශ ගතවීමට අවසර දෙන්නැයි ඉල්ලීමක් කොට තිබිණි.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles