Saturday, July 27, 2024

රජයේ රෝහල් වල කැඩිච්ච මැෂින්…

රජයේ රෝහල් තුළ CT ස්කෑන් යන්ත්‍ර 44ක්, MRI ස්කෑන් යන්ත්‍ර 13ක් සහ PET ස්කෑන් යන්ත්‍ර 02ක් පැවතියත් ඉන් බොහෝමයක් මේ වනවිට අක්‍රීයවී ඇති බව වාර්තා වෙයි.

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ,

“MRI 13න් මේ වනවිට යන්ත්‍ර දෙකක් ක්‍රියාත්මක නැහැ. පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ තිබෙන යන්ත්‍රය වසර දෙකකට පෙර තමයි බිඳවැටුණේ. දැන් මේ වනවිට කුඩා දරුවන්ට MRI පරීක්ෂණ නැහැ. අනුරාධපුර රෝහලේ MRI යන්ත්‍රය ජනවාරි සිට බිඳවැටිලා. මේ වනතුරු යන්ත්‍රය යථාවත් කිරීමක් සිදුවෙලා නැහැ. අනුරාධපුර රෝහලේ වසරකට වැඩි පොරොත්තු ලේඛන තියෙනවා. CT ස්කෑන් යන්ත්‍ර 43න් මේ වනවිට 12ක් බිඳවැටිලා. අද දවසේ ගත්තොත් CT ස්කෑන් යන්ත්‍ර එකක්වත් ක්‍රියාත්මක වන්නේ නැහැ. ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ CT යන්ත්‍රය අක්‍රීයයි.”   

අක්‍රීය වූ එම යන්ත්‍ර යථා තත්ත්වයට පත්කිරීම ප්‍රමාද වී ඇත්තේ, එම යන්ත්‍රවල සේවා ගිවිසුම් කාලය ඉකුත්වීම හේතුවෙන් බවද පැවසෙයි. 

ස්කෑන් පරීක්ෂණ සිදුකිරීමට නොහැකිවීමෙන් වෛද්‍යවරුන්ද පත්වී ඇත්තේ දැඩි අසීරුතාවයකටය.

මේ අතර මහරගම අපේක්ෂා රෝහලේ කුඩා දරුවන්ට විකිරණ ප්‍රතිකාර ලබාදෙන ලීනීයා ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාරක යන්ත්‍රය පසුගිය 22 වනදා සිට අක්‍රීය වී ඇති බවට අද දෙරණ ඊයේ අනාවරණ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles