Friday, March 29, 2024

රට බංකොලොත් නෑ! පළමු වාරිකේ අනිද්දට එනවා… අද ඉඳන් ඩොලරය බැස්ම අරඹනවා…

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 3ක විස්තීර්ණ මූල්‍ය පහසුකම සැපයීම සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අද (21) පැවැත්වුණි.

එහිදී මතුවූ විශේෂ කරුණු කිහිපයක්….

* ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙස තමන් කිසිවිටෙකත් නිර්දේශ නොකළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසීය. “අපි ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැදිහත්වුණේ නැහැ. එසේම යම් රටක මැතිවරණ ක්‍රමවේදයන් ගැන අපි මැදිහත්වෙන්නේ නෑ.”

* පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක් දින දෙකක් ඇතුළත ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරියෙක් පැවසුවේ එම මුදල් රුපියල් බවට හරවා රජයේ ණය ගෙවීමට සහ අනෙකුත් වියදම් පියවා ගැනීමට භාවිත කළ හැකි බවය.

* අප්‍රේල් අග වනවිට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය සැලසුම ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කළ යුතුය. එමගින් ණය තිරසර බව පවත්වා ගෙන යෑමට අවස්ථාව ලැබෙයි.
 
* සිදුවෙමින් ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ ඔස්සේ ඇතිවන ධනාත්මක ලක්ෂණ ඝෘජුවම ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රතිලාභ ලබාදීම පහසුකිරීම සඳහා දූෂණ විරෝධී සහ රාජ්‍ය පාලන ප්‍රතිසංස්කරණ කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

* ජුනි වනවිට දැනට ක්‍රියාත්මක ආනයන – අපනයන සීමා ක්‍රමානුකූලව ඉවත්කිරීමට සැලසුම්කර තිබේ.

* බදු ආදායම වර්ධනය විය යුත්තේ රටේ ආර්ථික සංවර්ධනයට උදව්වෙමින් සහ දුප්පත් සහ අවදානමට ලක්විය හැකි ජන කොටස් ආරක්ෂාවන ආකාරයටය.

*මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථායිතාවය ඇතිකිරීමය.

* උද්ධමනය පාලනය වීමට මහෝපකාරී වන ආකාරයට මිල ස්ථායිතාවය ඇතිවීමත් සංචිත ශක්තිමත් කිරීමත් අපේක්ෂිතය

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා

” ඊයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමග විස්තීර ණය පහසුකම් එකඟතාවය අනුමත කරනු ලැබුවා.

ඒ අනුමත කිරීමෙන් ශ්‍රී ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ශක්තියක් තිබෙන බවට සහතික කර තිබෙනවා.

ශ්‍රී ලංකාව බංකොලොත් රටක් හැටියට මින් පසුව සලකන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍ය ගනුදෙනු ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම අපේ විදේශ විනිමය තත්ත්වය දියුණු වෙන්නට දියුණු වෙන්න ආනයන සීමාවන් ක්‍රමානුකූලව ඉවත් කරන්න යනවා.

අත්‍යාවශ්‍ය භාණ්ඩ, ඖෂධ, සංචාරක ව්‍යපාරයට වුමනා භාණ්ඩ ඒ පලවෙනි වටයට ඇතුලත් වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles