Saturday, July 27, 2024

රනිල් කියුබාවේ පොල් හිටවයි!

කියුබාව සහ ශ්‍රී ලංකාව අතර එකඟතා කිහිපයකට එළඹි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

”ජී 77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා කියුබාව වෙත ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට ජනාධිපති මිගෙල් ඩියෙස් කැනල් මහතා හමුවීමෙන් අනතුරුව මේ බව පවසා තිබුණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“කියුබානු ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ කියුබාව අතර සබඳතා ශක්තිමත් කිරීම ගැන අවධානය යොමු වුණා. එහිදී දෙරට අතර හුවමාරු වැඩසටහනක් පිළිබඳව මෙන්ම වෛද්‍ය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ එකඟතාවයකට පැමිණීම පිළිබඳවත් ක්‍රීඩා පුහුණුකරුවන් සම්බන්ධයෙනුත් කතා කළා.”

“පොල් වගා කිරීම සම්බන්ධයෙන් කියුබාවට යම් උපදෙස් අපට ලබාදිය හැකියි.”

“සියල්ලටම වඩා ගොලීය දකුණ ශක්තිමත් කිරීම සඳහා එක්ව කටයුතු කරන්න අපි එකඟ වුණා.” 

“ජගත් සංවිධාන යෝජනාවලදී අප අඛණ්ඩව කියුබාවට සහාය පළ කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනඑන මානව හිමිකම් යෝජනාවලදී කියුබාව සහාය දක්වාවි.”

”ජී 77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව අද කියුබාවේ හවානා නුවරදී ආරම්භවීමට නියමිතය.

මෙම සමුළුවෙන් අනතුරුව ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන වාර්ෂික සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතය.

රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 21 වනදා සමුළුව ඇමතීමට නියමිතව තිබේ. (PMD)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles