Thursday, April 25, 2024

රනිල් දැන් පොහොට්ටුවෙ අවතාරයක් – අජිත් මාන්නප්පෙරුම

සමගි ජන බලවේගයේ කාර්යාලයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවට සහභාගී වූ පා.ම අජිත් මාන්නප්පෙරුම මැතිතුමා සහ නීතීඥ නිර්මාන් පූර්ණජිත් පවතින රජයේ අඩුලුහුඩුකම් පෙන්වා දෙමින් දීර්ඝ අදහස් දැක්වීම් වල නිරත විය.

ඒහිදී පා.ම අජිත් මාන්නප්පේරුම මන්ත්‍රීවරයා දැක්වූ අදහස්…

මේ රටේ තත්ත්වය දවසින් දවස අගාධයට පත්වෙමින් තිබෙනවා එය ගොඩනැගීමට රජය කරන දෙයක් පේන්න නැහැ.ජීවත් වෙන්න පහසු කරන විදියක් සකස් කරන බවක් පේන්නත් නැහැ .හැමදාම කරන්නේ හොරකම් කරපු රාජපක්ෂලා ටික ආරක්ෂා කරන එක විතරයි. පසුගියදා නැවතත් ඉන්ධන මිල වැඩි කරා හෙට අනිද්දා විදුලි බිල වැඩි කරන්නත් පාරම්බානවා .ජීවන වියදම දරා ගන්න බැරි තරමට දෝරෙ ගිහිල්ලා මිනිස්සුන්ට ජීවත් වෙන්න බැහැ .රජයේ සේවකයාගේ පඩි පතට බදු ගහලා බොහොම අමාරුවෙන් ජීවත් වෙච්ච රජයේ සේවකයා අසරණ තත්වයට පත්වෙලා. අපි දන්නවා එදා යහපාලන කාලයේ අපි මූලික වැටුප සියයට 107 කින් වැඩි කළා ඉතිහාසයේ කවදාවත් එහෙම වැඩි වුනේ නැහැ නමුත් ගමන් වියදම් වැඩි වුණා අතිකාල දීමනා ාජ්‍ය සේවයේ පඩිය බෙදා වැඩි වුණා රජයක් විදිහට අපි එදා වැටුප් බිමදා නැති කරන්න කටයුතු කරා විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා නැති කරා රාජ්‍ය සේවකයා වෙනුවෙන් වූ වැඩපිළිවෙලක් එදා සකස් කළා ඒ වගේම රාජ්‍ය සේවය ශක්තිමත් කරා එක එක්කෙනාගෙ පදයට නටන සමාජ සේවයක් නෙමේ එදා තිබුණේ ශක්තිමත් ස්වාධීන රාජ සේවයක් අපි ඇති කරා රාජ්‍ය සේවයේ දරාගන්න බැරි බද්ද ලද ඇතිකරලා වැටුප් කප්පාදු කරලා අද OT නැති කරලා කම්කරුවාගේ ඉඳලා ලිපිකරුවන් විධායක නිලධාරියා ංජිනේරුවා විශ්වවිද්‍යාල ආචාර්යවරයා මේ හැම කෙනාටම තමුන්ගේ වැටුප් ආරක්ෂා කරන්න ජීවන අරගලය වෙනුවෙන් පාරට බහින්න සිදුවෙලා තියෙනවා පාරට බැහැලා කියන්නේ මොකක්ද මේ සියලු දෙනාගේ ම වැටුපෙන් අද ජීවත් වෙන්න බැහැ එම නිසා එක පැත්තකින් බඩුමිල වැඩිවෙලා වැටුපෙන් බදු ගහලා වැටුප් අඩු කරල කෙනෙකුට ජීවත් වෙන්න බැරි තත්වෙට පත් වෙලා ඒ වගේම මාසික වැටුප් ගන්න පුද්ගලයා අන්ත අසරණ වෙලා ඒ ආකාරයෙන් කීදෙනෙක් ඉන්නවද ඒ දිනෙක සේවය කරන අය සිමින්ති කෝට්ටේ අද තුන්දාහක් වෙලා කම්බි ගල් වැලි මිල වැඩි වෙලා දිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයන් ගේ ජන ජීවිත කඩා වැටිලා රජයේ කිසිම සංවේදීතාවයක් දකින්නේ නැහැ රට හදනවා කිව්වට ජනතාව හදනවා කියන්න රජය දන්නේ නැහැ රටේ ජනතාවට බදු පිට බදු ගහලා හැම අංශයකින් ම ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇති කරලා.

QR හඳුන්වලා දීලා තෙල් පෝලිම් නැහැ කියලා ආණ්ඩුව කිව්වට වැලි ලොරියක් පස් ලොරියක් ගල් ලොරියක් සිමෙන්ති ලොරියක් නැහැ ඒ කියන්නේ වාහන දුවන්නේ නැහැ එහෙම නම් ඉන්ධන ෂෙඩ් වල තිබුනට වැඩක් තියෙනවද මිලදී ගන්න මිනිස්සුන්ට සල්ලි නැත්නම් ගමන් බිමන් යන්නේ නැත්තම් ගෑස් මිල වැඩි කරා දැන් gas පරිභෝජනය වෙන්නේ නැහැ දැන් කියනවා ඕන තරම් gas තියෙනවා මිනිස්සු ගන්නෙ නැහැ කියලා මිනිස්සුන්ට ගන්න පුළුවන් තත්ත්වයක නැහැ ඕක ද ආර්ථික ක්‍රමවේදය බඩ මිල අහස උසට දාලා රජය කියනවා gas ඕන තරම් තියෙනව කියල අද කිරිපිටි පැකට් එකක් විශාල ලෙස මිළ වැඩි කරලා එදා කිරිපිටි ගන්න තිබුණෙත් නැහැ මේකද ආර්ථික න්‍යායාය . petroleum එක ගිය මාසේ බෝනස් ගෙව්වා ලාබයි කියලා ඒ උනාට බොරතෙල් මිල අඩුවෙද්දී පෙට්‍රල් මිල ඉහළ දැම්මා මොකක්ද මේකෙ ක්‍රමවේදය ඒකයි අපි කියන්නේ ජනතාව ජීවත් කරවීම ගැන හිතන්නේ නැහැ රට හදනවා කියල කෑ ගහන්නේ ජනතාව කබලෙන් ලිපට ඇද දමලා.

හඬක් නගන්න බැරි ජනතාවක් අද අසරණ වෙලා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් බැංකු නිලධාරීන් ඉංජිනේරුවරු හඬ නැගුවා ට එදිනෙදා පඩියෙන් ජීවත් වෙන ජනතාව වැටුප නැතිම නැතිවෙලා ආදායමක් නැහැ හඬක් නගන්න බැරි පිරිසක් හිතින් දුක් වෙන පිරිසක් ජීවත් වෙන්න බැරුව වෙර දරන පිරිසක් අද මේ රටේ බිහිවෙලා අපිට පේන්නේ හඬ නගන පුද්ගලයෝ ගැන විතරයි ඊට වඩා විශාල ප්‍රමාණයක් හඬනගා ගන්න බැරි ජීවත්වෙන්න අමාරුවෙන් ඉන්නවා.

ආණ්ඩුව කළේ ආර්ථිකය හකුලා ගන්න එක අපි කියනවා මේ ආණ්ඩුව රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ගැන කිසිම සංවේදීතාවයක් දක්වන්නෙ නැහැ විදුලිබල ඇමති කියනවා මට කණගාටුයි කියලා සමාවෙන්න කියනවා හැබැයි විදුලි බිල වැඩි කරන්න සිද්ධ වෙන බව කියනවා ඕක ඇමති කෙනෙක් කියන්න ඕන එහි තියෙන නාස්තිය දූෂණය වංචාව නැති කරන්නේ නැතුව කොහොමද ජනතාවට සහනයක් දෙන්නෙ. ඇමතිවරයාගේ රාජකාරිය වෙන්න ඕන ජනතාවට සහනයක් ලබා දෙන එක.

ජනාධිපතිතුමා රාජාසන කතාව කරමින් කියනවා 2026 වෙනකොට මේ රට යථා තත්ත්වයට පත් කරනවා කියලා එතකොට මේ 2023 පෙබරවාරි මාසය අවුරුදු තුනක් තව කට්ට කාපන් කියලා තමයි ඒ කියන්නේ නමුත් මේ අවුරුදු තුනක් තුළ රටේ ජනතාව ජීවත් කරවීම සඳහා වැඩපිළිවෙළක් පේන්නෑ ජනතාවගේ එන්න පීඩනය වැඩි වෙලා බෙහෙත් නැහැ ෛද්‍යවරුන් කියනවා නිර්වින්දන බෙහෙත් නැහැ කියලා ඒ තත්වයට රට පත් වෙලා ආණ්ඩුවට තියෙන එකම පිහිට සහ බලාපොරොත්තුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්න එක හැබැයි තවම දෙන බවක් කියන්නේ නැහැ බාලගිරි දෝෂය වගේ අද නොවෙයි හෙට.

මේ රජය ජනතාව විශ්වාස කරන්නේ නැහැ වගේම ජාත්‍යන්තරය විශ්වාස කරන්නෙත් නැහැ අපිට වඩා බොහොම පස්සේ බංග්ලාදේශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අයදුම් කර පළවෙනි ණය මාර්ගයත් මේ වෙනකොට ලබාගෙන මොකක්ද එහි වෙනස අපි තවමත් තටමන්නේ මොකක්ද අද විශ්වාසය වැදගත් වෙනවා මේ රට ගොඩනැගීම සඳහා ඒ වගේම අද අභ්‍යන්තර ජනතාවගේ විශ්වාසය රටේ නැහැ ඒ නිසා තමයි රජය දිගින් දිගටම මැතිවරණ කල් දාන්න හදන්නේ ජනතා විශ්වාසයක් නැති බව දන්න නිසා.

රජය කියනවා මේ අර්බුදය ලෝකයේ අනිත් රටවලත් තියෙනවා කියලා එහිදී මම අහන්නේ එංගලන්තයේ දරුවන් පාසල් පොත් බෑග් ගන්න බැරිව ඉන්නවද එංගලන්තයේ බඩුමිල මේ වගේ වැඩි වෙලා පඩියට බදු ගහලා තියෙනවද එහෙම නැහැ අපේ රටේ අර්බුදය කියන්නේ රාජපක්ෂ රෙජිමය නිර්මාණය කරපු අර්බුදයක් මේක කෝවිඩ් අර්බුදය නෙමෙයි ඒක කොයි රටේ තිබුණා ඒකට විසඳුම් හෙවුවා නමුත් අද විසඳුම් හොයන්නේ නැත්තේ රාජපක්ෂ නලේ හොරකම් කරපු අර්බුදය අසූචි නැව් වලට ඩොලර් මිලියන ගණන් ගෙව්වා. මේ වගේ ගොන් වැඩ කරලා පොටර් අනාත කරා වළං කඩේට පැනපු කුළුමීමා වගේ ගෝඨාභය රාජපක්ෂ වැඩ කරද්දි සියල්ල හොරකම් කරා ඒ වැටුණු වැටිලා තමයි තවමත් රට තියෙන්නේ දැන් වෙනකොට ඒවා ගැන දන්නෙත් නැහැ වගේ රාජපක්ෂ අයත් එක්ක හිටපු ආයෙ බොහොම සතුටින් ඉන්නවා.

ඒ වගේම ආණ්ඩුව මේ පළාත් පාලන මැතිවරණය කල් දමන්න විවිධ උපක්‍රම යෙදුවා රාජ්‍ය පරිපාලන ලේකම් හරහා ලිපියක් යැව්වා ඇප මුදල් භාර ගන්න එපා කියලා ඒ වගේම කොමිසමේ නිලධාරීන් අරලියගහ මන්දිරයට කැඳවා ඒ වගේම කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කලා රජයට සල්ලි නැහැ කියලා කිව්වා හැබැයි සල්ලි නැහැ කිව්වට ආණ්ඩුවේ විදියට වැඩ කරන්නේ නැහැ ියදම් කප්පාදුවක් අපි දැක්කේ නැහැ කියලා කට ගන්න කොට තමයි ඇමතිවරු තුන්දෙනෙක් කැබිනට් එකේ දිවුරුම් දෙනවා නිදහස් උත්සවයේ වියදම් කප්පාදු කරන්න ඕන කියලා තියෙද්දි කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා නිදහස් උත්සවයක් කර ජනතාවට විතරයි අද ජීවත් වෙන්න බැරි කමක් තියෙන්නේ.

මේ රට විනාශ කළේ මහින්ද රාජපක්ෂ කඳවුරේ එම කඳවුරට උදව් කරේ නැති එකම දේශපාලන පක්ෂය සහ එකම කණ්ඩායම සමගි ජන බලවේගය අනිත් ඔක්කොම රාජපක්ෂලා බලයට ගේන්න කටයුතු කරපු අය ජනතා විමුක්ති පෙරමුණ ගත්තත් සුනාමි හොරා කියද්දි නගරාධිපති කරන්න ගියේ ඔවුන් රනිල් වික්‍රමසිංහ ගත්තත් හැම වෙලාවෙම රාජපක්ෂ ආරක්ෂා කරා ඔය හෙලිකොප්ටර් ගහගෙන ගියාට ඒ අයත් වැඩේ කෙල වෙනකොට helicopter ඇහුවා මිසක් එතකන් එකට නිදාගෙන කෑවා නමුත් අද රටේ ඡන්දයක් ඉල්ලන්න ඉදිරිපත් වෙලා ඉන්න ස්වාධීන කණ්ඩායම් ඔක්කොම පොහොට්ටුවේ අවතාර එහෙනම් රාජපක්ෂ අවතාර නැති එකම පක්ෂය සමගි ජන බලවේගය විතරයි එහෙම නම් විකල්පයක් සමගි ජන බලවේගය පමණයි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles