Saturday, July 27, 2024

ලංකා බෙල්! ඔබේ ජීවිතය සමග සෙල්ලං කරයි…!

ලංකා බෙල් සමාගම විසින් සිය සේවාදායකයන්ට සපයන සේවාවන් ගැන රට පුරා පාරිභෝගිකයන්ගෙන් චෝදනා එල්ල වෙමින් පවතී.

එම සමාගම ශ්‍රී ලංකාව තුළ සිය සේවාව අත්හිටුවීමේ සූදානමක් පවතින බව මීට පෙර වාර්තා වුණා. එබැවින් එම සමාගම සිය සංඥා සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන විසන්ධි කරමින් පවතින බවට චෝදනා එල්ල වෙනවා.

ශ්‍රී ලංකාව තුළ විදුලි සංදේශ සමාගමක් මෙලෙස අත්තනෝමතිකව කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙන්නේ පළමු වතාවට ය. මීට පෙර සෙල්ටෙල්, ටීගෝ, එටිසලාට් වැනි සමාගම් ද, එයාර්ටෙල් සමාගමද සිය සේවා අවසන් කිරීමේදී සිදුකළ ක්‍රමවේදය වූයේ පවතින විදුලි සංදේශ සේවාවක් සමග සිය පාරිභෝගිකයින් ඒකාබද්ධ කර සිය සේවා අවසන් කිරීමයි.

කිසිදු පාරිභෝගිකයෙකුට මෙතෙක් කිසිදු දැනුම් දීමක් සිදු කර නොමැති අතර, රට පුරා නගර කිහිපයක, එනම් ගාල්ල, බළපිටිය, පුත්තලම, වේයන්ගොඩ, කලවාන ඇතුළු ප්‍රදේශ රැසක ලංකා බෙල් පාරිභෝගිකයන් පත්ව ඇත්තේ අසීරුතාවයකටය.

අද ශ්‍රී ලංකාවේ බහුතර ව්‍යාපාර පවත්වාගැනීමට අන්තර්ජාල සහ දුරකථන සබඳතා අනිවාර්ය වී ඇති මොහොතක ලංකාබෙල් සමාගම දක්වන්නේ දියාරු ප්‍රතිචාරයක්.

මේ සම්බන්ධව පාරිභෝගික සේවා අධිකාරියේ වපසරිය තුළ කළ හැක්කක් නොමැති බැවින් අප ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම ඇමතූ විට, එම ආයතන පවසන්නේ මේ වන විට ලංකා බෙල් සමාගමට ඒරෙහිව පැමිණිලි රාශියක් තම ආයතනය වෙත ලැබෙමින් පවතින බවත්, ඔවුන්ට අවවාද කර ඇතිමුත් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ඔවුන් දක්වා නැහැ. එමෙන්ම කොමිසම ඔවුන්ගේ බලපත්‍රය අවලංගු කිරීමට අදාළ කටයුතු වල යෙදෙමින් පවතින බව වාර්තා වුවත්, ලක්ෂ ගණනක් වූ පාරිභෝගිකයන්ට ලබා දෙන විසඳුම මෙතෙක් වාර්තා වී නෑ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles