Friday, March 29, 2024

වැඩිකරන්න දෙන්නෑ! – PUCSL ජනක

දුලි ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයෙන් එන කිසිඳු යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසම සැළකිල්ල නොගන්නා බවත් පනත වැරදි ලෙස අර්ථකනය කර විදුලි ගාස්තු ඉහළ දැමීම ‘සාමාන්‍ය ප්‍රතිපත්ති සැලසුම්’ යටතට ගෙන කැබිනට් මණ්ඩලය යෝජනාව ඉදිරිපත් කිරරීමට සූදානම් වන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

තෙල් සහ ගල් අඟුරු ගෙන්වා ගැනීමට යැයි සඳහන් කර විදුලි බිල වැඩි කිරීමේ හැකියාවක් පනත අනුව නොමැති බවත් පනත අනුව ඇත්තේ පිරිවැය අයකරගැනීමේ ක්‍රමයක් බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඒ අනුව විදුලිබල මණ්ඩලයේ නව ගාස්තු සංශෝධනය සලකා බැලීමක් සිදු නොවනු ඇති බවත් ජනතාවට ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles