Saturday, July 27, 2024

වැසි තත්ත්වය ඉහළට.. මාතර ගංවතුර අවධානම පහව නොයයි…

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න්පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සබරගමුව පළාතේ  සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 පමණ තරමක තද වැසිද ඇති විය හැකිය.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

අධික වැසි හේතුවෙන් මාකදුර නගරය සහ දිද්දෙනිපොත ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට විය.

මාකදුර නගරය ජලයෙන් යටව තිබූ අතර මුලටියන – මාතර ප්‍රධාන මාර්ගය මාකදුර සහ දිද්දෙනිපොත ප්‍රදේශයෙන් ජලයෙන් යටව පැවැතිණි.

මාකදුර නගරයේ කොටසක් ජලයෙන් යටව ඇති අතර නිවාස,වෙළදසැල් විශාල ප්‍රමාණයක් ජලයෙන් යටව ඇත. වැස්ස අඩු වුවත් වෙනත් ප්‍රදේශවලට බලපා ඇති වැසි හේතුවෙන් කිරම ආර පිටාර ගැලීම නිසා මාකදුර නගරය ඇතුළු අවට පහත්බිම් ජලයෙන් යටවෙමින් පවතී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles