Thursday, April 25, 2024

වෛද්‍ය සංගමේ ගේමට බසී.. දුම්රිය, තැපැල් කලින්ම සහායට….

රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් පහක් තුළ ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන්  එම පළාත්වලට අයත් රෝහල් රැසක කටයුතු අඩාල වී තිබෙනවා. ය ඉල්ලීම් සඳහා ආණ්ඩුව ප්‍රතිචාර නොදක්වන්නේ නම් හෙට දිනයේදී දීපව්‍යාප්ත වැඩවර්ජනයකට යොමු වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ

එම වැඩවර්ජනය ක්‍රියාත්මක වන්නේ උතුර, උතුරුමැද, වයඹ, සබරගමුව සහ ඌව යන පළාත්වලයි. එම පළාත්වල රෝහල් රැසක සායනික සේවා, බාහිර රෝගී අංශ කටයුතු ඇතුළු සේවාවන් රැසක් මේවනවිට අඩාල වී ඇති බවයි.

තැපැල් සේවකයන් අද සවස සිට මධ්‍යම තැපැල් හුවමාරුවේ රාජකාරි වලින් ඉවත් වන බව සැලවීමත් සමග තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුවයි.  

අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස නම් කළ දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවනවා.

ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට ජනාධිපතිවරයා පසුගිය පෙබරවාරි මස 27 වැනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශ කර ඇති ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු අද (14) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පියවර ගෙන තිබේ.

ඒ් අතරම රාජ්‍ය බැංකු පද්ධතිය හෙට වර්ජනයට සහාය දක්වනු ඇති. නමුත් ඇතැම් වෘත්තිය සමිති ඊට විරෝධය දක්වන බවද වාර්තා වේ.



Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles