Thursday, March 28, 2024

සබරේ වැසේ!

සබරගමුව විශ්වවිද්‍යාලයේ සියළුම පීඨවල 2020 / 2021 කණ්ඩායමේ ශිෂ්‍යයින් හැර අනෙකුත් ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාලය නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඒ අනුව නේවාසික පහසුකම් ලබා දී ඇති සියළුම පීඨවල 2020 / 2021 කණ්ඩායමේ ශිෂ්‍යයින් හැර සියලුම සිසු සිසුවියන් අද (16) පස්වරු 4.00 ට පෙර නේවාසිකාගාරවලින් ඉවත් විය යුතු බව දැනුම් දී තිබෙන්නේ.

එසේම සියළුම පීඨවල 2020 / 2021 කණ්ඩායමේ ශිෂ්‍යයින් හැර අනෙකුත් ශිෂ්‍යයින් අද (16) දින පස්වරු 4 ට පසුව විශ්වවිද්‍යාල භූමියේ රැඳී සිටීම තහනම් බව ද වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles