Friday, April 26, 2024

සාමාන්‍ය පෙළ ප්‍රමාද වේ… උසස් පෙළ ප්‍රතිඵල ප්‍රමාද වේ!

ආචාර්යවරුන්ගේ වර්ජනය නිසා අපොස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් නිකුත්කිරීම සති දෙකක් ප්‍රමාද වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.

“ළමයින්ගේ උත්තර පත්‍ර බැලීම ටැක්ස් එක සමග පටලවා ගන්න එපා” යයිද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසූවේ  පළාත්  පළාත්පාලන මැතිවරණය කල් තැබීම පිළිබඳ පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද සඳහන් කළේය.

උත්තර පත්‍ර පරික්ෂා කිරීම සති දෙකක් පහුවෙලා. එතකොට ප්‍රතිඵල නිකුත්කිරීම සති දෙකක් පහු වෙනවා. සාමාන්‍ය පෙළ මැයි මාසේ පවත්වන්න තියෙනවා. ඒකත් සති දෙකක් පහු වෙනවා. උසස් පෙළට පාසල්  විසිතුනක් වහන්න ඕන.  කොරෝනා ප්‍රශ්නෙන් අවුරුදු දෙකක් දරුවන් බැට කෑවා.

පාසල් ටික විශ්වවිද්‍යාල ටික පවත්වාගෙන යමු. මේ ප්‍රශ්න ඉදිරියේදී අඩුවේවි. ආණ්ඩුවේ අඩුපාඩු තියෙනවනම්   පෙන්වා දෙන්න. අපි ඒවා හදාගන්න සූදානම්. මැතිවරණ තිබිය යුතුයි කියන ස්ථාවරයේ  අපි ඉන්නවා. මූල්‍ය අරමුදලේ  මුදල් 20 ලැබෙනවා. එතකොට සියලු සහන ලැබෙනවා. අප්‍රසන්න තීන්දු ගන්න සිද්ධ වුණේ බැරිම තැන. ගෝඨාභයගේ කතා  ලියල දීපු අයත් දැන් එතුමා  විවේචනය කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles