Saturday, July 27, 2024

සැමරුවා ඇති! හොරකම් කරපුවා ගෙනත් දෙන්න. – සමන් කියයි…

ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් පුරාවිද්‍යාත්මක හා කෞතුක වටිනාකමින් යුතු නිල ලාංඡන (Coats of Arms) යම් පුද්ගලයකු සතුව පවතින්නේ නම් මෙම ජූලි 31 දිනට පෙර ඒවා ජනාධිපති කාර්යාලය වෙත බාරදෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉල්ලා සිටී.

2022-07-09 දින සිට 2022-07-14 දින දක්වා විරෝධතාකරුවන් විසින් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කරගෙන, එහි රැඳී සිටි කාල සීමාවේදී ජනාධිපති මන්දිරයේ පැවති කෞතුක හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු භාණ්ඩ රැසක් අතුරුදහන් වී ඇති අතර ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් නිල ලාංඡන (Coats of Arms) ගණනාවක් ඒ අතර වන බව ජනාධිපති ලේකම්වරයා පැවසීය.

නීති විරෝධී ලෙස රාජ්‍ය දේපළ සන්තකයේ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් අදාල කාලසීමාවෙන් පසු එම නිල ලාංඡන යම් පුද්ගලයකු හෝ ආයතනයක් සන්තකයේ තබා ගතහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වැඩිදුරටත් දැනුම් දෙයි.

තවද, මේ පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම් 0112354354 දරන දුරකථන අංකය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දැනුවත් කරන ලෙස ඉල්ලා සිටින ජනාධිපති ලේකම්වරයා ජාතික වැදගත්කමකින් යුතු මෙම නිල ලාංඡන සොයාගැනීමට මහජනතාව දක්වන සහාය ඉතා අගය කොට සලකන බව සඳහන් කරයි.
(Lankadeepa)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles