Thursday, March 28, 2024

හෙලිකොප්ටරයේ තටු ගැලවෙයි!

මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා හෙලිකොප්ටරය ලකුණ යටතේ පිහිටුවාගත් නිදහස් ජනතා සන්ධානයේ විධායක සභාවේ රැස්වීමක් මේ වන විට පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදීයි.

පළාත් පාලන මැතිවරණය සඳහා දිස්ත්‍රික්ක කිහිපයකට අත ලකුණ යටතේ තරඟ කිරීමට ඊයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගෙන තිබුණා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක අද ප්‍රකාශ කළේ එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියලු දිස්ත්‍රික්ක සඳහා අත ලකුණ යටතේ තරඟ කරන බවයි.

මෙම තත්ත්වය යටතේ නිදහස් ජනතා සංධානයේ විධායක සභා රැස්වීම තීරණාත්මක වනු ඇති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles