අගමැති වැඩ බාරගනිද්දී අමෙරිකාව බෙහෙත් නැවක් එවයි…!

0
804

අද දින කොටස් වෙළඳපොල ගණුදෙනු ආරම්භ කර කෙටි වේලාවක් තුළ එහි ගණුදෙනු සීඝ්‍රයෙන් ඉහළ ගියා. පළමු විනාඩි 10 තුළ එහි කොටස් අගය 252 කින් ඉහළ යාම විශේෂත්වයක්.

මේ අතර දැනට පවතින ණය පහසුකම යටතේ යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය සම්පූර්ණ යූරියා වහාම ශ්‍රී ලංකාවට සැපයීමට ඉන්දීය රජය එකඟ වී ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව යල කන්නයේ වී වගාව සඳහා ඉන්දීය රජය ලබාදීමට එකඟ වී ඇති සම්පූර්ණ යූරියා තොගය මෙටිට්‍රික් ටොන් 65,000 ක්.

එමෙන්ම හදිසි ඖෂධ අඩංගු නෞකාවක් මෙරටට එවීමට අමෙරිකාව පියවර ගෙන ඇති බවටද වාර්තා වනවා.

මේ අතර ඊයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිය ධූරයේ වැඩ ආරම්භ කළා. ඒ, මෙරට 26 වන අග්‍රාමාත්‍යවරයා ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here