අගමැති UNESCAP 77 වැනි සැසිවාරය අමතයි

0
965

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (26) දින වීඩියෝ පණිවුඩයක් මගින් එක්සත් ජාතීන්ගේ හා පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසමේ (UNESCAP) 77 වැනි සැසිවාරය ඇමතුවේය. අප්‍රේල් 26 සිට 29 දක්වා පැවැත්වෙන 77 වැනි සැසියේ තේමාව වී ඇත්තේ “ආසියානු හා පැසිෆික් කලාපීය සහයෝගීතාව තුළින් පෙරටත් වඩා සවිමත්ව අර්බුධයන් තුළින් නැවත නැගී සිටිමු” යන්නයි. කොවිඩ්-19 වසංගතය පිළිබඳ සාකච්ඡාව මෙවර සැසියේ ප්‍රධාන තැනක් ගන්නා අතර දේශගුණික විපර්යාස, ණය සහන, ආයෝජන, සමාන සෞඛ්‍ය ප්‍රවේශය, තිරසාර සංවර්ධනය සහ කලාපීය සහයෝගීතාව වැනි කරුණු පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට ලක් වේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here