අත්‍යවශ්‍ය ආහාර ආනයන නවතන්න වෙන බව ආනයනකරුවන් කියති.. තොග ඇත්තේ මාසයකට පමණයි

0
322

විදේශයන්ගෙන් මෙරටට ආනයනය කර ඇති අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය අඩංගු කන්ටේනර වරායෙන් නිදහස් කරගැනීමට අපහසුතා ඇති ව තිබෙන බව ආහාර ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. ඒ හේතුවෙන් ඉදිරියේදී රටට අත්‍යවශ්‍ය ආහාර නැති වීමේ අවදානමක් ඇතැයි එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා පැවසීය. දැනටමත් එසේ ආනයන කරන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර 800ක් පමණ වරායේ රඳවා ඇති බව ද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here