Tuesday, January 21, 2025

අත්‍යවශ්‍ය ඖෂධ ඉදිරි සති දෙකට පමණයි

ඉදිරි සති 2 තුල දිවයින පුරා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද අත්‍යවශ්‍ය ඖෂධ වර්ග වල හිඟයක් ඇති වන බවට රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අනතුරු අඟවනවා.

එහි සභාපති අජිත් තිලකරත්න කියා සිටියේ, මේ වන විටත් පිළිකා සහ වකුගඩු රෝග සඳහා ලබා ගන්නා ඖෂධ අඩු මට්ටමක පවතින බවයි.

මෙරට පවතින ඖෂධ හිගයේ උච්චතම අවස්ථාවට තවත් නොබෝ දිනයකදී මුහුණ පෑමට සිදුවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයද පවසනවා.

ලබන වසරට අදාල ඖෂධ ඇණවුම් කිරීම් මේ වනවිට සිදුකර අවසන් වියයුතු වුවද තවමත් ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ කිසිදු සූදානමක් නොමැති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

හිගයක් ඇතිවුවහොත් ජනතාවට මුහුණ පෑමට සිදුවන පීඩාව සම්බන්ධයෙන් රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් කරුණු පැහැදිලි කළා.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවෙි ප්‍රමුඛතාව අනුව රටට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොර ව ආනයනයට රජය පියවර ගෙන ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles