Friday, May 17, 2024

ඇමරිකාව හා බ්‍රිතාන්‍යය රුසියාවෙන් තෙල් සහ ගෑස් ආනයනය සීමා කරයි. පුටින් ගැටලුවක් නෑ කියයි

රුසියාවෙන් තෙල් සහ ගෑස් ආනයනය සීමා කිරීමටත්, පසුව එය සම්පූර්ණයෙන් නවතා දැමීමටත් ඇමරිකාව සහ මහා බ්‍රිතාන්‍යය තීරණය කර තිබේ. ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය මෙසේ තීරණය කර ඇත්තේ රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරමිණි.

ඒ අනුව රුසියානු තෙල් තවදුරටත් අමෙරිකානු වරායන් වෙත පිළිනොගන්නා බවත් පුටින්ට වඩා බලවතුන් සමග අමෙරිකාව ඉදිරියේදී කටයුතු කරන බවත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රුසියාවට විරෝධය පළ කරමින් ඇමෙරිකාවත් මහා බ්‍රිතාන්‍යයත් රුසියාවට සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එරෙහිව මෙි වන විට ආර්ථික සම්බාධක පැනවීම් සිදු කර ඇති අතර, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී දිගින් දිගටම ඇමරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගෙන් ඉල්ලා සිටියේ රුසියාව මට්ටු කිරීමට එම සම්බාධක ප්‍රමාණවත් නොවනු ඇති බවය.

රුසියාවෙන් තෙල් සහ ගෑස් මිලදී ගැනීම සීමා කිරීමටත්, පසුව එය මුළුමනින්ම නැවැත්වීමටත් ඇමරිකාව සහ මහා බ්‍රිතාන්‍යය තීණය කළේ ඒ අනුවය. මේ අතර, යුරෝපා සංගමය පවසා ඇත්තේ තමන් ද රුසියාවෙන් තෙල් සහ වායු මිලදී ගැනීම සීමා කිරීමට පියවර ගෙන ඇති බවය.

රුසියාවෙන් වැඩි වශයෙන් තෙල් සහ වායු මිලදී ගැනීම සිදු කරන්නේ මහා බ්‍රිතාන්‍යය ද ඇතුළු සෙසු යුරෝපා රටවල්ය.බ්‍රිතාන්‍යය ද මේ වසර අවසන් වන විට රුසියාවෙන් ඉන්ධන ආනයනය තහනම් කිරීමට තීරණය කර තිබෙනවා. රුසියාවෙන් තෙල් සහ වායු මිලදී ගැනීම නතර කළොත් මෙම රටවලට මැදිපෙරදිගින් තෙල් සහා වායු මිලදී ගැනීමට සිදුවනු ඇති අතර එය මැදපෙරදිගින් තෙල් සහ වායු මිලදී ගන්නා අනෙක් රටවලට ගැටලුවක් වනු ඇතැයි ජගත් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

එසේම රුසියාවෙන් සිදු කරන ගෑස් ආනයන තුනෙන් දෙකකින් කප්පාදු කිරීමටද යුරෝපා සංගමයේ අවධානය යොමුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව ප්‍රතිචාර දක්වමින් ඔවුන් මෙම තීරණය ගෙන තිබෙනවා.

ලොව 03 වන විශාලතම ඉන්ධන නිෂ්පාදකයා වන රුසියාවට මෙමගින් දැඩි බලපෑමක් එල්ලවනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ.

කෙසේවෙතත් මෙම තීරණය හරහා වැඩි වශයෙන් පාඩු සිදුවන්නේ තමන්ට නොව යුරෝපයේ අනෙකුත් රටවලට බව රුසියාව පවසනවා.

පවතින ශීත කාළගුණය හමුවේ ගෑස් නොලැබීමෙන් ඔවුන් දැඩි පීඩාවකට පත් වනු ඇති බවයි රුසියාව පෙන්වා දෙන්නේ.

මේ අතර බටහිර රටවල තීරණය සම්බන්ධයෙන් යුකරේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි ප්‍රසාදය පළ කර තිබෙනවා.

ඔහු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඇමතීමද විශේෂත්වයක්.

තම රට රැකගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවටයි ජනාධිපතිවරයා මෙහිදී සහතික වූයේ.

මේ අතර කිවු අගනුවර ඇතුලු ප්‍රදේශවලින් සිවිල් වැසියන්ට පළායාම සඳහා අද දිනයේදීත් මානුෂික කොරිඩෝ විවෘත කර තබන බවට රුසියාව සහතික වී තිබෙනවා.

මෙි අතර මුළු යුරෝපයටම කණේ පහරක් ගසමින් රුසියානු ජනාධිපති විලැඩිමීර් පුටීන් විසින් ආවේගශීලි ප්‍රකාශයක් ඊයේ සිදුකර තිබුනා.

” තෙල්, ගෑස් ගන්නෙ නෑ කියල රටවල් කිහිපයක් කියල තියෙනවා. ඒ වගේම ඇමරිකානු සමාගම් අපෙ රටෙන් ව්‍යාපාර අයින් කරගන්නවා කියලත් කියල තියෙනවා.

ඒක රටක් විදිහට අපිට කිසිම ගැටලුවක් නෑ.මොකද ඔය දේවල් කරා කියල අපිට පාඩුවක් නෑ. පාඩුව වෙන්නෙ ඒ රටවල් වලටමයි.

ගෑස් සහ තෙල් කොහොමත් ඉදිරියේදී යුරෝපයට දෙන්න මගේ අදහසක් නෑ. ඒක නිසා ඒ ගැන වද වෙන්න අවශ්‍ය නෑ. මට ඕනතරම් මේ ලෝකෙ රටවල් තියෙනවා ගණුදෙනු කරන්න”

පුටින්ගේ මෙම ප්‍රකාශයෙන් පසු යුරෝපීය රටවල් රැසක් නිහඬ වී ඇති බවද පෙන්නට තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles