Thursday, January 16, 2025

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලැයිස්තු ගත කර ආනයන සීමා පැනවීම ආර්ථික විද්‍යානුකූලව ප්‍රායෝගික නෑ

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලැයිස්තු ගත කර ආනයන සීමා පැනවීම ආර්ථික විද්‍යානුකූලව ප්‍රායෝගික නොවන බව ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා අවධාරණය කර සිටී .

අත්‍යවශ්‍ය හෝ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ කවරේද යන්න එක් එක් පුද්ගලයාට සාපේක්‍ෂව වෙනස් විය හැකි බව ඒ මහතා වෙබ් අඩවියක්  අදහස් දක්වමින් පවසා ඇත.

ඒ අනුව සුදුසු විනිමය අනුපාතිකයන් පවත්වාගෙන යාමෙන් වෙළදපොල මගින්ම අදාළ භාණ්ඩය අත්‍යවශ්‍ය හෝ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩයක් ලෙස තීරණය වීමට ඉඩහැරීම සිදුකළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය .

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලැයිස්තු ගත කර ආනයනය සීමා පැනවීමෙන් සිදුවන්නේ අදාළ භාණ්ඩ නීත්‍යානුකූල නොවන අයුරින් ගෙන්වන කණ්ඩායමකට ලාභ ලැබීම පමණක් බව මෙහිදී වැඩිදුරටත් ඒ මහතා පැවසුවේය .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles