Monday, September 23, 2024

අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් යටතේ සීනි තොග නිකුත් කෙරේ

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් යටතේ ඇති ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව හරහා පෞද්ගලික අංශයේ තොග වෙළෙඳුන්ට සීනි තොග නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව, අදාළ සීනි තොග දේශීය තොග වෙළෙඳුන් සඳහා රජය විසින් පාලනය වන මිල යටතේ විකිණීමට ලබා දෙන බව වෙළඳ අමාත්‍යාංශය නිවේදනය කළේය.

ඕනෑම සුදු සීනි ප්‍රමාණයක් වෙළඳසැල් වලින් කිලෝවක් රු.117 ක් සහ දුඹුරු සීනි කිලෝවක් රු.120 කට නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

මෙම ක්‍රියාවලිය පිළිබඳ වැඩි විස්තර 011 368 17 97 අංකයෙන් ලබා ගත හැකිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles