අදත් කොවිඩ් මරණ 09ක්

0
803

තවත් කොවිඩ් මරණ 9ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 687ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කරඳන ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, දේවාලගම ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි කාන්තාවක්, මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, යක්විල ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, වලපනේ ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්  එලෙස මියගොස් ඇත.

687 ded 1
687ded2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here