Sunday, May 5, 2024

කෝටි 5ක් වංචා කිරීමේ චෝදනා ලැබූ අයට කොරෝනා පිහිටෙන් ඇප

විශාල වටිනාකමක් ඇති තම හෝටලය ව්‍යාපාරිකයකුට පවරා දෙන බවට පොරොන්දු වී එම ව්‍යාපාරිකයා රවටා අගරු චෙක්පත් ලබාදී රුපියල් ලක්‍ෂ 542 ක් වංචා කිරීමේ චෝදනා ලබා රිමාන්ඞ් භාරයේ පසුවූ වත්තල හෝටල් හිමියකුගේ විදේශ ගමන් තහනම් කර ඔහු දැඩි ඇප කොන්දේසි මත රුපියල් ලක්‍ෂ 50 බැගින් ශරීර ඇපකරුවන් තිදෙනකුගේ ඇප මත රිමාන්ඞ් භාරයෙන් මුදා හැරීමට මීගමුව අතිරේක මහෙස්ත‍්‍රාත් ආර්. එම්. ජී. චම්පික රාජපක්‍ෂ මහතා පෙරේදා (29 දා* නියෝග කළේය.
 
 අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයේ පසුව ඇප ලැබූ සැකකරු වූයේ එම්. එස්. කේ. කුමාර නමැති වත්තල හෝටල් හිමියෙකි.
 
 මෙහිදී විත්තියේ නීතිඥවරුන් පැවසුවේ රටේ පවතින කොවිඞ් උවදුර නිසා බන්ධනාගාරගතව සිටින සැකකරුගේ ජීවිතයට අවදානම් තත්ත්වයක් උදාවී ඇති බැවින් ඕනෑම කොන්දේසියක් මත සැකකරුට ඇප ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බවය. රටේ පවත්නා අවදානම් තත්ත්වය සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුට ඇප නියම කර වැඩිදුර විභාගය ජූලි මස 22 වැනි දිනට කල් තැබීය. විත්තිය වෙනුවෙන් නීතිඥයන් විශාල පිරිසක් පෙනී සිටියහ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ල මෙහෙයවිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles