අදත් දුම්රිය කචල්!

0
360

මුහුදුබඩ මාර්ගයේ කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර දුම්රිය පාලමක් අබලන් වීම හේතුවෙන් මේ වන විට මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනයට බාධාවක් මතුව ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් කොළඹ කොටුව හා වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර පිහිටි ද්විත්ව මාර්ගය තනි මාර්ගයක් ලෙස ධාවන කටයුතු සිදුවීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ මෙන්ම මුහුදුබඩ මාර්ගයේ සිට ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම් මාර්ගයේ ධාවනය වන දුම්රියන්ට ප්‍රමාද වීමේ හැකියාවක් ඇති බවයි වාර්තා වන්නේ.

එබැවින් අද (18) දිනයේ ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ දුම්රියන් ලගාවන්නේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය තෙක් පමණි. එමෙන්ම යාපනය බලා ධාවනය වන ශීඝ්‍රගාමී නගරාන්තර දුම්රිය ගමන් ආරම්භ කර ඇත්තේද කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here