Saturday, April 27, 2024

පාකිස්තාන කාන්තාවන් දෙවැනි පන්තියට වැටෙයි

පාකිස්ථානයේ කාන්තාවන්ට පූර්ණ නිදහස සහ ස්වාධීනත්වය ඇතිව කිසිදු දේශපාලන, සමාජීය සහ ආර්ථික කටයුත්තකට සහභාගී වීම තහනම් කර ඇති බවට ‍චෝදනා එල්ල වී තිබේ.

ඔවුන්ගේ පිරිමි සගයන්ට මෙන් රටේ පුරවැසියෙකු වීමේ මූලික අයිතිවාසිකම් ඔවුන් සතු වුවද, රටේ සංවර්ධනය සඳහා කාර්යභාරයක් ඉටු කිරීමට ඔවුන්ට කිසි විටෙකත් නිදහස් කැමැත්ත ලබා දී නොමැති බව එරට මානය හිමිකම් ක්‍රියාකාරිහු චෝදනා කරති.

පාකිස්ථානයේ බොහෝ කාන්තාවන්ට තවමත් ජාතික හැඳුනුම්පත් නොමැති බව විශේෂඥයින් නිරීක්ෂණය කර ඇති අතර එමඟින් රටේ සැබෑ පුරවැසියන් ලෙස ඔවුන්ගේ අනන්‍යතාවය අහිමි කර ඇති බවටත් සමාජ, දේශපාලන හෝ ආර්ථික ක්‍රියාකාරකම්වලට සහභාගී වීම අහිමි කර ඇති බවටත් චෝදනා එල්ල වී තිබේ.

කාන්තාවන්ට හැඳුනුම්පත් නොමැති විට, පොදු ජීවිතයට අදාළ කිසිදු කටයුත්තකට සහභාගී විය නොහැකි බැවින්, ඔවුන් එහි බලයලත් පුරවැසියන් ලෙස හැඳින්විය නොහැකි බව අදාළ ක්‍රියාකාරීහු පවසති.

එරට කයිබර්පක්තුන්ක්වා පළාතේ කාන්තාවන් මිලියන 2.6 කට ආසන්න සංඛ්‍යාවකට ජාතික හැඳුනුම්පත් නොමැති බවත් පොදු ජීවිතයේදී කාන්තාවන්ට සමාන අනන්‍යතාවයක් අහිමි වීම ගැන අනෙක් පළාත්වලද ඇත්තේ එවැනි ඉරණමක් බවත් එරට වාර්තාවල දැක්වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles