අද ගම්පහට වතුර කපයි!

0
336

ගම්පහ සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට අද පැය අටයි මිනිත්තු 30ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා. ඒ, හෙට පෙරවරු 8යි 30 සිට පස්වරු 5 දක්වායි.

ඒ අනුව එම කාලය තුළ පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශ සදහා ජල සැපයුම අත්හිටුවනු ලබනවා. ඊට අමතරව කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා ඇල, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සදහා මෙන්ම ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ කොටසකටද ජල සැපයුම අත්හිටුවෙනවා.

විදුලිබල මණ්ඩලයේ හදිසි බිද වැටීමක් හේතුවෙන් අද පෙරවරු 8යි 30 සිට පස්වරු 5 දක්වා බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම අත්හිටුවීම ඊට හේතුව වූ බවයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.

ඒ අතර නඩත්තු කටයුතු සඳහා විදුලිය විසන්ධි කිරීම් කිහිපයක් ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිදුවීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here