අද ජනපති ජාතිය අමතන විට රටටම විදුලිය ලැබෙයි. විදුලි කප්පාදු කාල සටහනේ වෙනසක්!

0
444

අද (16) දිනයේත් විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා උදෑසන 08.30 සිට දහවල් 5.30 දක්වා වේලාව තුළ පැය තුනක කාලයක් හා සවස 5.30 සිට රාත්‍රී 11.00 දක්වා වේලාව තුළ පැය දෙකයි විනාඩි 30 කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

එසේම A,B,C,D,E,F,G,H,I,J,K,L යන සෙසු කලාප සඳහා උදෑසන 8.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ පැය 2 යි විනාඩි 30 ක විදුලිය කප්පාදුවක් හා පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැය 2 ක කාලයක් විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ජනාධිපතිවරයා ජාතිය අමතන අවස්ථාවේ විදුලිය කප්පාදුවක් සිදු වන්නේ නැහැ

මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත කරන ලද සටහන අනුව රාත්‍රී 08.00-9.30 අතර කාලයේ විදුලි කප්පාදුවක් සැලසුම් කර නැත.

එම කතාව අද මෙරට සියළු රූපවාහිනී නාලිකාවන් ඔස්සේ රාත්‍රී 8.00-9.30 අතර විකාශනය කිරීමට නියමිතව ඇත.

ඒ අනුව අද රාත්‍රී 8.00 ට විදුලිය කප්පාදුව නතර කෙරෙන අතර නැවත විදුලිය කප්පාදුව සිදු කරන්නේ රාත්‍රී 9.30 න් පසුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here