අද දස ලක්ෂයක්….!

0
913

අද රාත්‍රි 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහල දැමීමට සිපෙට්කෝ සමාගම පියවර ගෙන තිබෙනවා.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 20 කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 10කින් ද, ලංකා සුදු ඩීසල් ලීටරයක් රු. 20 කින් සහ ලංකා සුපර් ඩීසල් ලීටරයක් රු. 10කින් අඩු කිරීමට පියවර ගෙන ඇත.

ජාතික ඉන්ධන අවසර පත ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවා ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. ජනතාවට ඉන්ධන නිකුත් කිරීම සදහා ජාතික ඉන්ධන අවසර පත හදුන්වා දෙනු ලැබුවේ ඊයේ දිනයේදීයි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ එම නව ක්‍රමවේදය හරහා ඉදිරියේදි පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කරන බවයි.

මේ අතර ත්‍රිරෝද රථ සහ ජෙනරේටර් අවශ්‍යතා සඳහා ඉන්ධන සැපයීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස ජංගම ඉන්ධන බෙදාහැරීමේ ක්‍රමයක් භාවිතා කිරීමට සිපෙට්කෝ සමාගම පියවර ගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

ත්‍රිරෝද රථ, භාණ්ඩ බෙදා හැරීම් සිදුකරනු ලබන යතුරුපැදි සහ කෑන් සඳහා ඉන්ධන පිරවුම්හල්වලින් බැහැරව ඉන්ධන බෙදහැරීමටයි පියවර ගෙන ඇත්තේ. විශාල විවෘත ස්ථානවල ජංගම ඉන්ධන ට්‍රක් රථ මගින් එලෙස ඉන්ධන බෙදාහැරිමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ. මෙම ක්‍රමවේදය  දිවයින පුරා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here