Tuesday, September 24, 2024

අද පාර්ලිමේන්තුවෙිදී ඇමති ගම්මන්පිලගෙන් විශේෂ ප්‍රකාශයක් ? ඇමතිකමෙන් ඉල්ලා අස්වන බවට ආරංචි

අද (08) දිනයේදී පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් අවසර ඉල්ලා තිබූ බව පැවසේ

ඊයේ දින පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී උදය ගම්මන්පිලට ආණ්ඩුමේ මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වූ දැඩි ප්‍රහාරයෙන් අනතුරුව මෙම විශේෂ ප්‍රකාශය කිරීමට ඇමතිවරයා සූදානමින් සිටින බව වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අගමැති හා මුදල් ඇමති ප්‍රමුඛව අද අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවේ දී ගම්මන්පිල ඇමතිවරයා දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබිණි.

ඊට ප්‍රධාන හේතුව වී තිබුණේ ඩොලර් අර්බුදය ඇතිවූයේ කොවිඩ් වසංගතය නිසා නොවන බවට ඇමතිවරයා පසුගිය සතියේ කළ ප්‍රකාශයත් සමගය. ආණ්ඩුව ජනතාවට ඇත්ත කිව යුතු බවත් බලශක්ති ඇමතිවරයා කීවේය.

උදය ගම්මන්පිල ඇමතිවරයාගේ මෙම ප්‍රකාශය මුලින්ම ප්‍රශ්න කර ඒ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන ලෙස ඉල්ලා තිබුණේ මන්ත්‍රී ජයන්ත කැටගොඩ විසිනි.

ඊයේ දින පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගම්මන්පිල මහතාට ආණ්ඩුමේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි ප්‍රහාරයක් එල්ල වූ අතර පසුපෙළ මන්ත්‍රීවරුන් ගම්මන්පිල මහතාගේ ප්‍රකාශයන් විවේචනය කරමින් අදහස් පළ කළ ආකාරයක්ද වාර්තා විය.

උදය ගම්මන්පිලට අදහස් දැක්වීමට අවස්ථාවක් නොදී පසුපෙළ මන්ත්‍රීවරුන් දිගින් දිගටම බාධ පමුණුවා තිබේ. ජනාධිපතිවරයා ද ගම්මන්පිලගේ අදහස් ප්‍රතික්ෂේප කර තිබිණි. අනතුරුව රෝහිත අබේගුණවර්ධන ඉතා දැඩි ලෙස ගම්මන්පිල ඇමතිවරයාට දෝෂාරෝපණය කර අමාත්‍යවරයෙක් ලෙස වගකීමෙන් අදහස් පල කරන්නැයි ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

එමෙන්ම බලශක්ති ඇමතිවරයා හා විදුලිබල ඇමතිවරයා අතර ඇති වී තිබෙන අර්බුදය එළිපිට ප්‍රකාශ වීම සම්බන්ධව දැඩිව විවේචනය කළ පසුපෙළ මන්ත්‍රීවරු ප්‍රකාශ කර තිබුණේ සාමුහිකත්වයේ ආදර්ශය කැබිනට් මණ්ඩලය තුළින් ලබා දෙන ලෙසය.

මේ තත්වය තුළ පක්ෂ රැස්වීමේදී හුදකලා වූ ගම්මන්පිල ඇමතිවරයා විශේෂ ප්‍රකාශයක් සඳහා පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් අවසර ඉල්ලා ඇතැයි වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles