Sunday, May 19, 2024

SLIIT එක යළි ආණ්ඩුවට ගන්න කැබිනට්ටුව තීන්දු කරයි!

වෙළඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට ඊයේ (07) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබා දෙමින් මාලඹේ පිහිටි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) මහපොළ භාරකාර අරමුදල යටතට නැවත පවරා ගැනීමට රජය තීරණය කර ඇත.

මහපොළ භාරකාර අරමුදල යටතේ පැවති ස්ලිට් ආයතනය පසුගිය ආණ්ඩුව සමයේ ඉදිරිපත් කළ විවිධ අණ පනත් හරහා මහපොල භාරකාර අරමුදලින් බැහැර කර ඇතැයි ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබිණි.

ඒ අනුව එම අණපනත් අහෝසි කර SLIIT ආයතනය මහපොළ භාරකාර අරමුදලට නැවත පැවරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles