Monday, May 6, 2024

ඊයේ වගේම සෞඛ්‍ය වැඩ වර්ජනය අදත්

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ආරම්භ කළ වැඩ වර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ඊයේ අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමු වුණා.

තම ගැටළු පිළිබඳ අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කළද ඊට විසඳුම් නොලැබුණු බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේෂ් මහතා සඳහන් කළේය.

වැඩවර්ජනය හේතුවෙන් රෝහල් කටයුතු වලට බාධා එල්ල වී ඇති අතර ඇතැම් ශල්‍යකර්ම කටයුතු ඇනහිට තිබෙන බවද වාර්තා වෙයි.

හෙද, පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන්ට මතුව ඇති ගැටළු විසඳා ගැනීම සඳහා බලධාරීන්ගෙන් නිසි ප්‍රතිචාර නොලැබීම හමුවේ අද කොළඹදී විරෝධතා පා ගමනක් පැවැත්වීමත් එම සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර ඇත.

සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝගීන් අපහසුතාවයට පත්වීමේ වගකීම ආණ්ඩුව විසින් භාර ගතයුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles