අද පාර්ලිමේන්තුවේ සංයුතියේ වෙනසක් වෙන දවසක්!

0
641

පාර්ලිමේන්තුව අද පෙරවරු 9යි 30ට යළි රැස් වනවා.

සෙස් බද්ද සංශෝධනය කිරීමට අදාළව 1979 අංක 40 දරණ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ ගැසට් පත්‍රයෙන් පළ කළ නියෝගයක් සහ 1969 අංක එක දරණ ආනයන හා අපනයන පාලන යටතේ ගැසට් පත්‍රයේ ඵල කළ රෙගුලාසි දෙකක් අද දින විවාදයට ගෙන අනුමැතිය ලබාගැනීමට නියමිතයි.

පස්වරු පහේ සිට 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කර තිබෙනවා.  අදින් පසු අප්‍රේල් 18 සහ 22 දක්වා යෙදෙන පාර්ලිමේන්තු සතිය වෙනුවට නැවත පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ අප්‍රේල් මස 25 වනදා සිට 28 වනදා දක්වා වන දිනයන්හිදීයි.


මේ අතර සමගි ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් අද ආණ්ඩු පක්‍ෂයට එක්වීමට සූදානමින් සිටින බවට වාර්තා පළ වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here