Tuesday, May 7, 2024

රනිල් ගෑස් බස්සයි! කෘමිනාශකත් බස්සයි!!

ට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,000 කට ආසන්න මුදලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් අද (3) පස්වරුවේ පැවසීය.

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු වන නිෂ්චිත මුදල හෙට (4) පෙරවරුවේ නිවේදනය කරන බවත් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ මිලට සමගාමීව සෙසු ගෑස් සිලින්ඩර දෙකේ ද මිල අඩු වන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය’

ඒ අතර සියලුම වල් නාශක හා කෘමිනාශක වල මිල සියයට 20කින් අඩු කිරීමටත්, ඇතැම් පළිබෝධ නාශකවල මිල ගණන් සියයට 40ක් දක්වා සහන මුදලකට ලබා දීමටත් සමාගම් එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම අමාත්යාංාශය පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles