Tuesday, September 24, 2024

අද පැය හතහාමාරක් විදුලිය කපයි

අද (02) දිනයේ දහවල් කාලයේ පැය 5 ක කාලයක් හා රාත්‍රී කාලයේ පැය දෙකහාමාරක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව අද(02) දිනයේදී පැය 7 1/2ක විදුලි කප්පාදු කිරීමක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසරය ලබාදී තිබෙනවා.

ඒ අනුව උදෑසන 8.00 සිට දහවල් 1.00 දක්වා E,T,U,V,W යන කලාප සඳහා පැය 5 ක විදුලි කප්පාදුවක් සිදු වන අතර දහවල් 1.00 සිට සවස 6.00 දක්වා F,P,Q,R,S කලාප සඳහා ද පැය 5 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.

එසේම රාත්‍රී කාලයේදී සවස 6.00 සිට රාත්‍රී 8.30 දක්වා E,T,U,V,W යන කලාප සඳහා පැය දෙකහාමාරක විදුලි කප්පාදුවක් හා 8.30 සිට රාත්‍රී 11.00 දක්වා F,P,Q,R,S කලාප සඳහා ද පැය දෙකහාමාරක විදුලිය කප්පාදුවක් සිදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව අද(02) පෙරවරු 8 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුලදී මෙම විදුලි කප්පාදු කිරීම සිදුකිරීමට නියමිතයි.

අද(02) දිනයේ විදුලිය කප්පාදු කෙරෙන කාලසටහන පහත පරිදි වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles